Monday 16 July 2018

මීයැසි විනිස - Scarborough Fair Ballad

     
        Scarborough Fair යනු සාම්ප්‍රදායික ඉංග්‍රීසි බැලඩ්(Ballad) එකකි. බැලඩ් යනු සංගීතය සමග සමීප ආඛ්‍යානමය සම්බන්ධයක් පවත්වන කාව්‍යාත්මක රචනා ආකෘතියකි. එක් ආදරවන්තයෙක් Scarborough නගරයේ වෙසෙන ඔහුගේ පැරණි පෙම්වතිය සමග නැවතත් පෙරසේම ආදරයෙන් බැඳීමට නම් කළයුතු දේවල් පිළිබඳව දැනුවත් කරමින් පණිවිඩකරුවෙකුට දෙන උපදෙස් කිහිපයක් මෙම රචනාවෙහි අන්තර්ගත වෙයි. මේ කිසිවක් කළ හැකි කාර්යයන් නොවේ. කිසිදු මැස්මකින් තොරව ඔහුට කමීසයක් නිර්මාණය කරදෙන ලෙසත්, එම කමීසය වියලී ගිය ලිඳකින් සෝදා දෙන ලෙසත්. ඇය මේ සියල්ල ඉටුකරනවානම් ඇයට පෙරමෙන් ආදරය කරන බවත් ඔහු පවසයි. 

Are you going to Scarborough Fair?
Parsley, sage, rosemary, and thyme;
Remember me to one who lives there,
For she was once a true love of mine.

Tell her to make me a cambric shirt,
Parsley, sage, rosemary, and thyme;
Without any seam or needlework,
Then she shall be a true love of mine.

Tell her to wash it in yonder well,
Parsley, sage, rosemary, and thyme;
Where never sprung water or rain ever fell,
And she shall be a true lover of mine.

මෙය මා වසර ගණනාවක් තිස්සේ ආශාවෙන් රසවිඳි නිර්මාණයකි. එසේම මාගේ ශිෂ්‍යයන්ටද පුහුණුකොට ප්‍රසංග ආදියේද ගායනා කරවා ඇත. මෙය මගේ නිර්මාණ සඳහා ද උත්තේජනය සපයා තිබෙයි. පහතින් ඇති Scarborough Fair නිර්මාණය ගයනු ලබන්නේ Celtic Woman නම් අයිරිෂ් සම්භවයක් සහිත ගායිකා කණ්ඩායම විසිනි. ඔවුන්ගේ ගායනා අතිශය සිත්ගන්නාසුළු ය. ගායනය, භාව ප්‍රකාශනය මෙන්ම ඉදිරිපත් කිරීමේ හැකියාව විශිෂ්ට ය.



No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...