Sunday 22 July 2018

‘ආදරයද මේ’ සමගින් එන අරුණ ගුණවර්ධන

        ආචාර්ය ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලිනී, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ, රූකාන්ත වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සිට සමන් ලෙනින්, මිහිු, ශිවන්ත, උමාරියා, උමාරා වැනි තරුණ පරපුරේ නිර්මාණකරුවන් සමග එකසේ සංගීත නිර්මාණකරණයේ යෙදෙමින් සිටින, වර්තමාන තරුණ සංගීතඥයන් අතරින් ඉදිරියෙන්ම තිබෙන නමක් ලෙස අරුණ ගුණවර්ධන හඳුනාගත හැකිය. ඔහු විසින් ඉදිරිපත් කරන ඔහුගේ පළමු ප්‍රසංගය වන ‘ආදරයද මේ’ ජූලි මස 29 වන දින සවස 6 සිට ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වෙයි. මේ සටහන ඒ අපේ සහෝදර කලාකරුවා වෙනුවෙනි.
                  අරුණ කුඩා කල සිට සංගීත පසුබිමක හැදී වැඩී ඇති අතර පියානෝ වාදිකාවක් වූ සිය මව ඔහුගේ සංගීත ජීවිතයට විශාල වශයෙන් බලපා තිබෙයි. ඔහුගේ සංගීත නිර්මාණකරණයේ, සහ වාද්‍යවෘන්දකරණයේ(Orchestration) පවතින බටහිර සංගීත නැඹුරුවට ඇයගේ ආභාසය බලපාන්නට ඇත.        
                 ඔහුගේ පළමු නිර්මාණය පටිගත වී ඇත්තේ 2004 වසරේදී ය. එය එතරම් ප්‍රචලිත වී නැති වුවද ඔහු පිළිබ සමාජ අවධානය යොමු වන්නේ ‘මලී’ ටෙලිනාට්‍ය වෙනුවෙන් 2010දී ඔහු නිර්මාණය කළ තේමා ගීතය සමගිනි. ගීතය රසවිඳින්න පහතින්.



   මෙය එකල ඉතා ජනප්‍රිය වූ අතර අරුණ පසුකාලීනව කරන ලද ගීත බහුතරයක පැවති බටහිර සංගීත නැඹුරුව වෙනුවට මෙය සරල ඉන්දියානු ආකෘතිය සහිත සෞන්දර්ය ගුණය ආරක්ෂා කරගත් ගීතයක් විය. 
                ඉන් අනතුරුව අරුණ පිළිබඳ විශාල වශයෙන් සමාජ අවධානය යොමුවන්නේ ඔහු 2012 දී ‘අග්නි’ ටෙලිනාට්‍ය වෙනුවෙන් ආචාර්ය අමරදේවයන් සහා නිර්මාණය කළ ‘ගිමන් හරින දියඹ දිගේ’ ගීතයත් සමගිනි. මෙය මෑත කාලයේ තරුණ පරම්පරාවෙන් බිහිවී ඉතාම තදින් සමාජය වැළගත් ගීතයක් බව රහසක් නොවේ. යූ ටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මෙය මිලියන ගණනින් නරඹා තිබීම එයට ප්‍රබල සාක්ෂියකි. ගීතය රසවිඳින්න පහතින්.


                          ආචාර්ය අමරදේවයන් තරුණ පරම්පරාවට සමීප කරවීමටද මෙය රුකුලක් වූ බව කිව යුතුය.සංගීත භාණ්ඩ අඩුවෙන් යොදාගනිමින් සරල එහෙත් සිත් ඇදගන්නා සංගීත නිර්මාණයක් කිරීමට අරුණ මෙහිදී සමත් වී තිබෙයි.
    මින් අනතුරුව විශාල සමාජ කතිකාවකට බඳුන් වන්නේ ‘හන්තාන සිහිනය’ ගීතයයි. අමරදේව - උමාරියා යන ප්‍රවීණ සහ නව පරම්පරාවන් එකට සුසංයෝග කිරීමේ මාහැි කාර්යයභාරය සිදුවන්නේ මෙම නිර්මාණයෙනි. ගීතය රසවිින්න පහතින්.


       මෙයද විශාල වශයෙන් තරුණ පරම්පරාව අතර ජනප්‍රිය විය. එසේම සමාජ මාධ්‍ය තුල ද මිලියන ගණනින් නරඹා තිබෙයි. දැන් බිහිවී සිටින නව පරම්පරාවේ බහුතරයකගේ රසවින්දනය සහ නිර්මාණකරණය පිළිබ සමාජයේ පවතින්නේ යහපත් ආකල්පයක් නොවේ. නව පරම්පරාවේ බහුතරයක් සිටින්නේ අමරදේව සංගීතය අගය කරන හෝ රසවිඳිය හැකි මානසිකත්වයක නොවන බව රහසක් නොවේ. අරුණගේ මැදිහත්වීමෙන් මෙසේ තරුණ පරම්පරාව අතරට අමරදේවයන් රැගෙන ඒම ඇගයීමට ලක්විය යුතු කාර්යය භාරයකි.          
        මෙසේ අරුණගේ විශේෂත්වය වන්නේ ප්‍රවීණ - නව යන පරම්පරා දෙකම සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීමයි. නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙකු වන මිහිු ආරියරත්න සමග අරුණ කරන පහත නිර්මාණය බලන්න. 

        

   බටහිර සංගීත ආකෘතිය මත පිහිටා නිර්මාණය කර ඇති මෙය ඉතා සිත්ගන්නාසුළු අයුරින් නිමවා තිබෙයි. එයට තරුණ පරම්පරාවෙන් ලැබී ඇති ප්‍රතිචාරයද ඉහළ බව පෙනෙයි.          

          ගායනයේ විවිධ පරාස සහ ශෛලීන් වල දස්කම් පෙන්වන අතිදක්ෂ තරුණ ගායන ශිල්පියෙකු වන සමන් ලෙනින් සහ තරුණ පද රචකයෙකු වන ප්‍රදීප් කුමාර සමග අරුණ කරන පහත නිර්මාණය බලන්න.

 
          ජනසංගීතයේ සාරය කැටිකරගනිමින් රොමාන්තික සංගීත ප්‍රකාශනයකට පිවිසෙන අරුණ මෙය ඉතාම සිත්ගන්නාසුළු සංගීතයකින් අලංකාර කොට තිබෙයි.      
        අමිල තේනුවර ලියා අනුෂ්කා නවක ගායිකාව ගායනා කොට හොම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 2018 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ සම්මාන ලබන 'රිදුනු තැන්' නම් අරුණගේ පහත නිර්මාණය බටහිර සංධ්වනික යෙදවුම් (Symphonical Arrangements) සහිත නිර්මාණයකි.

       ‍           
      මෙසේ ඇගයීමට ලක්විය යුතු ගීත බොහොමයක් අරුණ ගුණවර්ධන විසින් නිර්මාණය කොට තිබුණද අප මෙහිදී තෝරා ගත්තේ ඉතා සීමිත නිර්මාණ ප්‍රමාණයකි. අතිදක්ෂ තරුණ සංගීතඥයෙකු ලෙස නිර්මාණකරණයේ නියැළෙන අරුණ ගුණවර්ධන සහෝදරයාගේ ‘ආදරයද මේ’ ප්‍රසංගය අතිසාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔහුට සුබ අනාගතයක් පතමි.


     

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...