Friday 2 December 2011

කුඹුර හා බැඳි සිංහලයාගේ පැරණි දිවි පෙවෙත

පැසීගෙන එන කුඹුරක්
කුඹුරු වැඩෙහි යෙදෙන ගැමියන්
ගොයම් නෙළන ගැමි ලියන්.
ගවයින් යොදා කුඹුරු මඩ කිරීම

පැලක් සහිත කුඹුරක්
කුඹුර ආශ්‍රිත සුන්දර පරිසරය

Monday 28 November 2011

මෙහෙමයි තල්කොලේ සදහම් අකුරු කලේ

         අද මෙන් කඩදාසි හෝ මුද්‍රණ ශිල්පය නොතිබුණු පැරණි යුගයෙහි මිනිසුන් තම දැනුම් සම්භාරය පවත්වා ගැනීමටත්, අසූහාර දහසක් ධර්මස්කන්ධය චිරාත් කාලයක් නොනැසී පවත්වා ගැනීමටත්, වෛද්‍ය ශාස්ත‍්‍රය, නක්ෂත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, ශාන්තිකර්ම මතු පරපුරට උරුම කර දීමටත් කෙළේ දුෂ්කර ක‍්‍රියාවෙකි. ඒ පුස්කොළයේ තතු අද පරපුරට පහදා  දීම සඳහා මේ ලිපිය ලියැවිණි.

ඝර්ම කලාපීය රටවලට කප් රුක් හා සමාන, තාල වර්ගයට අයත් ගස් වර්ග රැුසක් ස්වභාව ධර්මය විසින් දායාද කොය ඇතx මේ තාල වර්ගයට අයත් ගස් අතරින් පොල් ගසට එදත් විශේෂ සැලැකිල්ලක් ලැබිණිග එහෙත් තල්, තල, කිතුල්, පුවක් වැනි ගස් වර්ග කෙරෙහි අප දක්වන සැලැකිල්ල ප‍්‍රමාණවත් නොවන බව පෙනෙයිඑ. සැඟවුණු ධන නිධාන වැනි මේ ගස් වර්ග වලින් එදිනෙදා කටයුතු සඳහා හෝ ආදායම් උපයා ගැනීම සඳහා කිසිදු ක‍්‍රමානුකූල වැඩ පිළිවෙළක් නැති බව ද පෙනෙයි. මේවා ස්වාභාවික ව වැඩෙන්නට හැර තිබෙනු විනා, වගාවක් වශයෙන් කරන්නේ ද නැත.

  තලගස එදා සමාජයේ කොතෙක් දුරට මිනිසාට සමීප ව තිබුණේ ද යන්න පුරාතන ජන සමාජයේ කටයුතු දෙස බැලීමෙන් පැහැදිලි වෙයි. හොඳින් මෝරන ලද තල ගසක කඳ කොටසින් මනුෂ්‍ය ආහාරයට සුදුසු පිටි සාදා ගත හැකි ය. මේ පිටිවලින් පිට්ටු හෝ තලප සාදා ගත් බව ‘රොබට් නොක්ස්’ ගේ වාර්තා වල ද සඳහන් වේ. තල්  ගසෙහි පිතිවලින් කඹ, ලණු, කුලූ වැනි දෑ නිපදවා ගත හැකිය. තල් අතුවලින්, ඉරටුවලින්, විවිධ අත්කම් භාණ්ඩ නිපදවිය හැකි ය. ගොබවලින් එදා වටාපත්, ලාම්පු ආවරණ, වට්ටි, පෙට්ටි, මලූ, පැදුරු, නිර්මාණය කැර ගැනිණි. පුරාතන ගැමියා නිවාස සෙවිලි කැර ගත්තේ ද තල අතු වලිනි. තල අතු සෙවිලි කළ නිවාස ගතට සිසිලසක් ලබා දෙනවා පමණක් නොව, වසර හත අටකට ඔරොත්තු දීමේ ශක්තියෙන් ද හෙබියේ වෙයිx තල කොළ පැළැලි මඟින් අව්වෙන්, වැස්සෙන්, සුළඟින්, ආරක්ෂාව ලබා ගත් හ. පැරණි ගැමියාගේ උත්සව අවස්ථාවන්හි තල අතු නැතිවම බැරි, අත්‍යවශ්‍ය දෙයක් විය. ‘තල අතු මූට්ටුව’ නම් සැරසිල්ලක් මංගල අවස්ථාවන්හි අනිවාර්ය වූ බව දැන ගත හැකි විය. පසුකාලීන භික්ෂූන් වහන්සේ ද කුඩයක් වෙනුවට පාවිවිච් කළ ‘ගොටු අත්ත’ නිපදවා ගත්තේ තල අත්තෙනි. පැරණි ගැමියා වැසි කාලයට ගමන් බිමන් යන විට කුඩයක් වෙනුවට භාවිත කලේ තල අත්තකි. කුඹුරෙහි හේනෙහි වැඩ කල ගොවියා වැසි දිනවල තල අත්තක් හිසලාගෙන වැඩ කළේ ය. වැසි  දිනවල ගොයම් නෙලන ගෙවිලියන් ද තල අතු හිසලාගෙන ඒ කාර්යයෙහි නියැලෙන අයුරු ඇතැම් ගම්බද ප‍්‍රදේශවල මෑත කාලයේ ද දැක ගත හැකි විණි. තල අත්තෙහි මුල කොටස ගොටුවක් වශයෙන් නවා ගත් පසු පහසුවෙන් හිසෙහි රඳවාගත හැකි ය. ‘ රොබට් නොක්ස් ’ සඳහන් කරන පරිදි පුරාණ ලංකාවේ යුධ භටයන් අත ද නිරන්තරයෙන් තල අත්තක් තිබිණි. මෙකල ද තල අත්තක් රැුගෙන යන නිලධාරියෙකු දැකිය හැකි වන්නේ ඒ කරුණ සංකේතවත් කිරීමට විය හැකි ය.


  තල ගස සම්බන්ධව විවිධ ජනකවි බිහි විය. ඒ කවිවලින් පැහැදිලි වන්නේ එදා ජන සමාජයෙහි තල ගස ජන ජීවිතයට කොතෙක් සමීපව තිබුණේ ද යන්නයි. ඒ අනුව ගැමියා තලගස ගැන, තලමල ගැන වර්ණනාත්මක කවි ගෙතූ හ. ‘තල මලේ කවි’ වශයෙන් වෙන ම ජන කවි සාහිත්‍යයක් ගොඩනැගුණු බව පෙනෙයි. මේ කවි වැඩි වශයෙන් බුදු බැතිය ඔප් නංවමින්  ගොතන ලද ඒවා විය.


‘අත්ත සොඳයි පොද වැස්සට         ඉසලන්ට

පිත්ත සොඳයි තද වරපට              අඹරන්ට

ගොබය සොඳයි දස දරුමය           ලියවන්ට

එමල සොඳයි බුදු මඟුලට           ගෙනයන්ට’


   සිංහල රාජසමයෙහි සියලූ රාජකාරි සඳහා  තල් පත් සහ පුස්කොළ යොදා ගත් බැවින් එය ලැබුවේ ඉමහත් සැලකිල්ලකිx පන්සියයක් රහතන් වහන්සේ එක් වැ මාතලේ ආලෝක විහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ  කෙළේ පුස්කොළ නොහොත් තල කොළවල ය. ඒ සඳහා තල ගොබ ගෙන එන ලද්දේ ‘ගලකරේ මැඬිල්ල ’ නම් තල උයනින් බව සඳහන් වේ. පැරණි ලංකාවේ බුද්ධ ධර්මය, වෛද්‍ය ශාස්ත‍්‍රය, යන්ත‍්‍ර මන්ත‍්‍ර, සංදේශ කාව්‍ය, වැනි පොත්පත් ලියන ලද්දේත්, රජුගේ අණ පණත්, කේන්දර, මලපත, සන්නස, තුඩපත් වැනි දෑ ලියන ලද්දේත් තල්පත්වලයි.

  පුස්කොළයේ ලියන ලද පොත්වලට ජනතාව අතර විශේෂ සැලකිල්ලක් තිබිණි. නිකම්ම ‘පොත’ නොකියා ‘ පොත් වහන්සේ ’ යන විශේෂිත පදයෙන් හැඳින්වීමට තරම් ඒවා කෙරෙහි තිබූ ගෞරවය, භක්තිය වර්ධනය වියx ආලෝක විහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කළ ‘වලගම්බා’ රාජ සමයේ සිට වර්තමානය දක්වා පුස්කොළ පොත්  දහස් ගණනක් අපට දායාද වශයෙන් උරුම ව පවතියි. වසර සිය ගණනක් තිස්සේ මේවා විනාශ නොවී පවතින්නේ නිවැරදි තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගෙන මේ පුස්කොළ පොත් සකස් කැර ගැනීමේ ප‍්‍රතිඵලවක් වශයෙනි. පුරාණයේ වෙසෙසින් ම තල ගොබය ප‍්‍රයෝජනයට ගැනුණේ  පොත් ලිවීම සඳහා ම යx පුස්කොළ අක්ෂර ලිවීම හැම දෙනාටම කළ නොහැකි යx එය ප‍්‍රායෝගික ව පුරුදු පුහුණු කළ යුතු අගනා ශිල්ප ක‍්‍රමයකි.

 පුස්කොලවල ලිවීමේ කලාව ද වෙනත් බොහෝ ශිල්ප මෙන්ම අපට භාරතයෙන් ලැබුණ උතුම් දායාදයකිx භාරතයේ සංචාරය කළ ‘හියුංසාං’, ‘අල්බරුනි’, වැනි දේශාටකයන්ගේ වාර්තාවල ද පුස්කොළවල ලිවීම පිළිබඳ සඳහන් වේx මහා කවි කාලිදාසයන් ගේ ‘ සුසෘතයේත් ’, ‘ වරාහමිහිරේත් ’, තල්පත් ගැන සඳහන් වේx ලංකාවේ ලේඛන කලාව ආරම්භ වූයේ දෙවන පෑතිස් රජ සමයේ ය. ක‍්‍රි. පූ. 250 සිට 210 කාලයේ බුදු සමය ආරම්භක අවධියේ බුද්ධ ධර්මය පවත්වාගෙන පැමිණියේ ස්මෘතිධාරීන් මඟිනි. ඔවුන් අතර ‘ත‍්‍රිපිටකධාරී චූලාභය’ , ‘මජ්ජිමභාණක දේව’ , දීඝභාණක වැනි අය ප‍්‍රධාන වෙත්. ඔවුනට ස්මෘති ශක්තියක් හෙවත් මතක ශක්තියක් තිබිණි. මහාවංසයේ සඳහන් පරිදි, දීඝභාණක අභය තෙරුන්ට නව වැනි වියේ සිට සියලූ සිද්ධි මතකයේ තිබිණි. ‘මහාගතිම්භ’ තෙරුන්ට පස් දවසකට අයත් සිද්ධි සිහිපත් කළ හැකි විය. ත‍්‍රිපිටකධාරී චූලාභය හිමියෝ අනුරාධපුරයේ සියලූ දෙනා ගේ නම් මතකයෙන් ප‍්‍රකාශ කළහ.

  පසුකාලීන ව බුද්ධ ධර්මය ලියැවුණේ පුස්කොළ පොත්වල ය. පස් වැනි සියවසේ ‘මහානාග’ රජ දවස හෙළටුවා පාලියට නැගුණේ බුද්ධඝෝෂ හිමියන් විසිනිx පුස්කොළ පොත් ලිවීම වර්ධනය වීම සඳහා රාජ අනුග‍්‍රහය ලැබීම හේතුවක් විය. බොහෝ රජවරු ලේඛකයෝ වූහ. 5 වැනි කාශ්‍යප රජතුමා දම්පියා ගැටපදය, අබාසලමෙවන් රජු සියබස්ලකර, දෙවන පැරකුම්බා රජු කව් සිළුමිණ, වැනි පොත් ලියූ අතර 4 වන පැරකුම්බා, 6 වන පැරකුම්බා, කීර්ති ශ‍්‍රී රාජසිංහ වැනි රජවරු ග‍්‍රන්ථකරණයට විශේෂ අනුග‍්‍රහ දැක්වූහ. දිරාපත් වන තල්පත්වල රාජ්‍ය ලේඛන ලිවීම නොරිසි වූ නිස්සංකමල්ල රජතුමා තඹපත් සහ ශිලා ලේඛන ඒ සඳහා යොදා ගත්තේ ය. ඔහු  පුස්කොළපොතක අනු රුවට අනුව පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය පිහිටුවන ලදි.

 පුස්කොළ පොත් වරින්වර විනාශ වූ අවස්ථා ද ඇත. වෛතුල්‍යවාදය විනාශකාරී යි සැලකූ ථෙරවාදීහු ඒ ග‍්‍රන්ථ විනාශ කළහ. (නිකාය සංග‍්‍රහය* වෝහාරතිස්ස රජු ථෙරිය නිකායකයන් ගේ බස් පිළිගෙන කපිල පඬිවරයා ගේ විනිශ්චය අනුව, වෛතුල්‍යවාදී පොත් ගිනිබත් කළේ ය. කාලිංග මාඝ ආක‍්‍රමණිකයා බෞද්ධ පොත්පත් ගිනි තබා විනාශ කළ අතර සීතාවක I වන රාජසිංහ රජ අරිට්ටකීවෙණ්ඩු ගේ උපදෙස් පරිදි බෞද්ධ පොත්පත් විනාශ කළේ ය.මුහුදුබඩ ප‍්‍රදේශ වල පෘතුගීසීන් ගේ ආක‍්‍රමණ හේතුවෙන් පොත්පත් රාශියක් අපට අහිමි විය. ඉංග‍්‍රීසීන් ද වටිනා පොත්පත් සහ විවිධ ලේඛන රැුසක් ඔවුන් ගේ රටට රැුගෙන යන ලද නිසා, ඒවා අපට අහිමි වූ බව රහසක් නොවේ. ‘පුස්කොළය’ යන්නෙහි අරුත ‘කිසිවක් ලියා නැති’ තල කොළය බවයි. මේ පුස්කොළ පොත් ලංකාවට පමණක් ආවේණික වූවක් නොවේ. ක‍්‍රි. ව. 1030 මෙසේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන පුස්කොළ පොත් ලිවීම කරගෙන යන්නේ කෙසේ ද? පැරැුණි සිරිත අනුව නම්, පළමු ව සුදුසු ගොබයක් තිබෙන තල්ගසක් සොයා ගත යුතු ය. එහි ගොබය කිසිවකු විසින් වෙනත් කටයුත්තකට කපා නොගනු පිණිස සලකුණක් තැබිය යුතු ය.

     අනතුරු ව සුදුසු දිනයක පෙරහරින් ගොස්, සුබ මොහොතින් ගොබය කපාගෙන, පෙරහරින් ආපසු පැමිණීම පැරැුණි සිරිත යිx තල ගස අයිතිකරු ඉතා සතුටින්, පින් සලකා එය ප‍්‍රදානය කිරීම එදා ගැමි සමාජයේ විශේෂ ලක්ෂණයකි.

ගොබය පැසී විසිරීමට ප‍්‍රථම පරිස්සමින් කපා ගත යුතු යx ඉන් පසු එහි කූර හෙවත් ඉරටු ඉවත් කරති. ඒ කොළ එකිනෙක රැුගෙන රවුමට එතීම ඊළඟට සිදු වේx මේ රවුම් නොහොත් රෝද ‘වට්ටු’ නමින් හැඳින්වේ. ඒ වට්ටු කැප්පෙටියා කොළ, පැපොල් කොළ, අන්නාසි ගැට, පැපොල ගැට, සහිත භාජනයක දමා ජලය මිශ‍්‍ර කැර පැය දෙක තුනක් තම්බා ගනිති. එසේ තැම්බූ පසු කොළයේ කසට ගතිය ඉවත් වේ. මෙසේ තම්බා ගත් වට්ටු දින දෙක තුනක් අව්වේ වියළා ගත යුතු ය. ඉන් පසු රාත‍්‍රී කාලයේ පින්නට දමා උදයේ රැුගෙන දිග හැර පැය තුන හතරක් පවනෙහි වියළා නැවත අව්වට දමා වියළා ගැනීම සිදු කරතිx මේ ක‍්‍රමයට දින තුන හතරක් වියළා ගත් පසු, කොළය මැනවින් පදම් වේ. මේවා නැවත වට්ටු හෙවත් රෝද වශයෙන් ඔතා, දුම් මැස්සක් වැනි තැනක තැබූ පසු අවශ්‍ය විටෙක ප‍්‍රයෝජනයට ගත හැකි ය.

  ඉහත සඳහන් ආකාරයට පිළියෙල කැර ගත් තලකොළය අකුරු ලිවීමට සුදුසු අයුරින් සකස් කැර ගැනීම දෙවන කාර්යයයි. මේ සඳහා මෝල් ගසක ප‍්‍රමාණයේ පුවක්, රුක්අත්තන, ගැඩුම යන ගස් වර්ගවල ලීයක් හරහට බැඳ ගත යුතු ය. කොළය මැදීමට පෙර, පැයක් දෙකක් පමණ ජලයේ පොඟවා ගත යුතු ද වේ. ඉන් පසු කොළයේ කෙළවර කිලෝග‍්‍රෑම් පහළොවක පමණ බර දෙයක් බැඳ අනෙක් කෙළවරින් අල්ලාගෙන, ඉහළ පහළ අදිමින්, සකස් කැර ගත් ලීයේ මැදිය යුතු වේ. විනාඩි දහයක් පමණ මැදීමෙන් කොළය හොඳින් ඔපවත් වේ. මෙසේ මදින ලද කොළය අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගත යුතු ය. කපා ගත් කොළ සිදුරු කිරීම ඊළඟ කාර්ය යි. සිදුරු විදීමේ ශිල්පීය ක‍්‍රමයක් ඇත. එනම්,                      

”ආයාමේන චතුර්භාගං ත‍්‍රිභාගං පුනරේනච
 උභයෝත් සූත‍්‍ර මධ්‍යෙන කථා කාර්යාත්මිඡුද්‍ර ලක්ෂණම්”

     යනුවෙන් දක්වන පරිදි කපන ලද කොළය තුනට නවයිx යළි දිග හැර හතරට නැමිය යුතු යිx මෙසේ තුනටත්, හතරටත් නවන ලද පරතරවල හරි මැද සිදුරු විද ගත යුතු ය යන්්න ඉහත සඳහන් සිලෝවේ අර්ථය යිx සිදුරු විදින්නේ ගිනියම් කළ යකඩ කූරක් මඟිනිx මෙසේ විදින ලද කොළ මිටිය දෙපසින් ලෑලි දෙකක් වැනි අච්චුවක් තබා, හොඳින් තද කර, මුවහත් පිහියකින් කොළවල අතිරේක කොටස් කපා දැමේx ඉන් පසු එය හැඳින්වෙන්නේ ‘පොත්ගෙඩිය’ යන නමිනිx පොත්ගෙඩියෙහි එක් කොළයක් ‘පත් ඉරුව’ නමින් හඳුන්වතිx එවැනි පත් ඉරු කීපයක් ‘පත්තට්ටුව’ නමිx දැන් අකුරු ලිවීමට සුදුසු පරිදි කොළ සකස් වී ඇතx

     ”සමානිස්සම පාදානී සමාසෝති සමාශිරහ්

ක්ෂරානි ප‍්‍රතිඨව්‍යා මෘදුනි ලලිතානිච”÷÷÷÷

  ‘අක්ෂර ප‍්‍රමාණයෙන් සමාන විය යුතු යx ඉස්පිලි, පාපිලි සමාන විය යුතු අතර, මඳ තෙරපීමකින් ම අකුරු ලිවිය යුතු වේ’ යනු එහි අරුත යිx පුස්කොළයේ අකුරු ලියන්නේ පන්හිඳෙනිx ‘පන්හිඳ’ වානේ වැනි ලෝහ වර්ගයකින් සාදා ගනියිx ඇතැම් විට රනින්, රිදියෙන් හදතිx මේවා විවිධ හැඩයෙන් අලංකාරවත් ව සාදා ගැනීම ඒ ඒ් ශිල්පියාට අයත් කාර්යයකිx මෙහි කෙළවර තුඩක් වශයෙනුත්, මුදුන පිහිතලයක් වශයෙනුත් සකසා ගනියිx අක්ෂර හැඩවත් ව ලිවීමට සුදුසු බරකින් සහ දිගකින් යුක්ත වීම අත්‍යාවශ්‍ය වෙයිx පන්හිඳක තිබිය යුතු අංග 1x ඡුත‍්‍රය  2x නාලය  3x පත‍්‍රය 4x ගණ්ඩය  5x ලේඛනය යන මේවා බව මේ ශ්ලෝකයෙන් දක්වා ඇතx

    ‘ඡුත‍්‍ර පත‍්‍ර නාල ගණ්ඩ චතුර්ද්විත‍්‍රි ඒක මංගලම්

ලේඛනීය දසංගේව සර්ව විසති මංගලම් ’


  මෙහි සඳහන් පරිදි ඡුත‍්‍රය අඟල් හතරකිx පත‍්‍රය අඟල් දෙකකිx නාළය අඟල් තුනකිx ගණ්ඩය අඟල් එකකිx ලේඛනය අඟල් දහයකිx සියල්ල දිග අඟල් විස්සක් වෙයිx මෙසේ සකස් කැර ගත් පන්හිඳෙන් ලිවීමේ දී පත් ඉරු කීපයක් රැුගෙන, වමතින් අල්වා ගෙන, දකුණු පාදයේ දණහිසට ඉහළින් තබාගෙන ලිවීම කරතිx ලියන ලද අකුරු කළු මැදිය යුතු යx මේ සඳහා බෙහෙත් වර්ග කීපයක් ප‍්‍රයෝජනයට ගැනේx ගැඩුම අඟුරු, කැකුණ තෙල්, සහ දුම්මල තෙල් මිශ‍්‍ර කර අඹරා ගත් මිශ‍්‍රණය රෙදිකඩක ගල්වා,  පුස්කොළයේ එක පැත්තකට අතුල්ලයිx ඉන් පසු රෙදි කැබැල්ලකින් පිස, කුරක්කන් පිටි තවරා පිරිමදියිx එයින් අමතර තෙල් ගතිය නැති වී, අමුතු ඔපයක් ඇති වේx එසේම කළුමැදීම නිසා කෘමි උපද්‍රව නැති කර, කාලාන්තරයක් හොඳින් පැවතීමට ද හේතුවනු ඇතx

  ඉහත ආකාරයට ලියා සකස් කැර ගත් පොතට ‘ පොත්කම්බයක් ’ යෙදිය යුතු යx එය පොතේ පිට කවරය වශයෙන් සැලකිය හැකි යx මේවා රන්්, රිදී, ඇත්දළ හෝ ලීයෙන් සකස් කරවා විවිධ චිත‍්‍ර යොදා ඉතා කලාත්මකව සකස් කැර ගනියිx චිත‍්‍ර වශයෙන් හංස පූට්ටුව, චතුර්නාරී පල්ලැක්කිය, පංචවනාරී ඝඨය, ෂට්නාරී තොරණ, සප්තනාරී තුරංගය, අෂ්ඨනාරී ඝඨය, නවනාරී කුංජරය වැනි කැටයම් ද එදා යොදා ගැනිණිx පොතෙහි කොළ විසිරි නොයන පරිදි කපු නූලකින් හෝ නියදවලින් සකස් කර ගත් නූලකින් බඳින ලදිx නූලෙහි අගට පැතැලි බොත්තමක් වැනි දෙයක් ඇත් දළවලින් හෝ ලෝහවලින් සකස් කැර යොදයිx මෙය ‘පොත්සකියා’ යන නමින් හඳුන්වයිx

  පුස්කොළවල පිටු අංක යෙදීමට සංස්කෘත ශබ්ද මාලාවේ ස්වරාක්ෂර 14 ද, ව්‍යඤ්ජනාක්ෂර 34 ද, අනුස්වරය හා විසර්ගය ද යොදා ගෙන ඇතx ඒ අනුව අංක යෙදීමට උපයෝගී කැර ගත් සම්පූර්ණ වර්ණ සංඛ්‍යාව 544 ක් වෙයිx පළමු පිටුවට අංකයක් නැතx ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් නම් ‘ස්වස්ථි’ යනුවෙන් ද, ධර්ම ග‍්‍රන්ථයක් නම් ‘නමෝ බුද්ධාය’, ‘නමඃශ‍්‍රීඝණාය’ යනුවෙන් සඳහන් කරයිx පොත ලියා අවසන ‘ආරෝග්‍යමස්තු’, ‘ශුභමස්තු’ වැනි වචනයක් යොදතිx පොත බැඳීමට ද ශාස්ත‍්‍රානුකූල ක‍්‍රමයක් ඇතx

එනම්,

‘පඨමේ දස සූත‍්‍රානී   පංචසූත‍්‍රානි මඡ්ජිමේ

     ත‍්‍රිපනං ත‍්‍රිපනං බන්ධං   මාතා මාතං විධියතේ’

  මුදුනෙන් පොට දහයක් ද, මැද පහක් ද, තුනක් තුනක් වශයෙන් සිටින සේ බැඳ ගත යුතු යx ඒබ ව ඉහත ස්ලෝකයෙන් පැහැදිලි වේx අකුරු ලිවීමේදී ප‍්‍රමාණයන් තුනක් භාවිතා කරන ලදිx ගෝලාකාර අකුරු ‘ගජාක්ෂර’ ලෙසත්, චතුරශ‍්‍රාකාර අකුරු ‘සිංහාක්ෂර’ ලෙසත්, ඉතා කුඩා අකුරු ‘හංසාක්්ෂර ලෙසත්  හැඳින්වේx වාක්‍යයක් අවසන යොදන විරාම ලකුණ ‘කුංඩලය’ ලෙසත්, එකම පදය නැවත නැවත ලිවීම වෙනුවට යොදන ලකුණ ‘පෙය්‍යාලම’ ලෙසත් දක්වයිx මේ පෙය්‍යාලම අවස්ථා හතරක දී භාවිතා කරයිx එනම්, 1xආදිපෙය්‍යාලම  2xමධ්‍යපෙය්‍යාලම  3xඅන්තපෙය්‍යාලම  4xසර්වපෙය්‍යාලම යනුවෙනිx

  පොත ලියන ලද වර්ෂය දැක්වීමට ද විශේෂිත ක‍්‍රමයක් තිබිණිx වර්ෂ දැක්වූයේ බුද්ධ වර්ෂ, ශක වර්ෂ ක‍්‍රමයටයිx 16 වන සියවසෙන් පසු ක‍්‍රිස්තු වර්ස ක‍්‍රමයට යොදන ලදිx මාසය දැක්වූයේ චන්ද්‍ර මාස ක‍්‍රමයට යx පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, ශටවක, සත්වක, අටවක, නවවක, දසවක ආදී වශයෙනිx මහනුවර යුගයේ දී ‘කටපයාක්ෂර’ ක‍්‍රමයට අකුරු යොදා වර්ෂය ලිවීම ජනප‍්‍රිය වියx ශත වර්ෂයට ‘ශකාබ්දම්’ යනුවෙන් ද, බුද්ධ වර්ෂ ක‍්‍රමයට ‘සුගතාබ්දම්’ යනුවෙන් ද, භාවිතා කැරිණිx ‘ශකාබ්දම් චාරුදීපම්’ යන්්න උදාහරණ වශයෙන් ගත්කල ‘චාරුදීපම්’ කියන වචනයේ ස්වර ඉවත් කළ විට ‘රදප’ වන අතර, ඒ අක්ෂරවලට පිහිටන අංක වන්නේ 6281 වෙයිx ඒවා දකුණේ සිට වමට ලියන විට 1862 වර්ෂය වෙයිx ‘සුගතාබ්දම් ලාලගෝත‍්‍රම්’ යන්නෙහි ස්වර ඉවත් කළ විට ‘ලලඝර’ වෙයිx එයට අයත් අංකය නම් 9932 යිx එවිට අදාළ බුද්ධ වර්ෂය 2399 විය යුතු යx

 පැරැුණි සමාජයේ මිනිසුන් අතර ලිපි හුවමාරුව සිදු වූයේ ද තල්පත් මඟිනිx ලිපියක් යැවීමේ දී අනුගමනය කළ සම්ප‍්‍රදායයක් තිබිණිx පුස්කොළයේ ලිපිය ලියා, දැකුම්කලූ ලෙස නවා, පුස්කොළ තීරුවලින් බැඳ, මුද්‍රා තබා යැවීම සිරිතයිx ලිපිය බැඳීමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමය මෙසේ යx

‘ඒකං ශතෘ ද්වයං මිත‍්‍රං - තීනි බන්ධුං චතුර් ප‍්‍රභුං

පංච මාතා පිතා භාත‍්‍රිනාම් – ෂඞ් ගුරුං සප්ත භූපතිං’

 එක් වටයක් බඳිනනේ සතුරා වෙත යවන ලිපියකිx දෙවටක් බඳින්නේ මිතුරා සඳහා යවන ලිපියකිx තුන් වටයක් නෑයා සඳහා යx සතර වටයක් බඳින්නේ ප‍්‍රභූවරයා සඳහා යx මව, පියා, සහෝදරයා වෙනුවෙන් පස් වටයකිx ගුරුවරයා වෙනුවෙන් සය වටයකිx රජුට යවන ලිපිය සත් වටයක් බැඳිය යුතු යx ලිපිය ලැබෙන විටම එය ලැබෙන්නේ කාගෙන් ද යන්න ලිපි හිමියාට දැන ගත හැකි යx    

       අද මෙන් කඩදාසි හෝ මුද්‍රණ ශිල්පය නොතිබුණු පැරණි යුගයෙහි මිනිසුන් තම දැනුම් සම්භාරය ගබඩා කිරීමටත්, අසූහාර දහසක් ධර්මස්කන්ධය නොනැසී චිරාත් කාලයක් පැවතීීමටත්, තමන් දන්නා වෛද්‍ය ශාස්ත‍්‍රය, නක්ෂත‍්‍රය, මන්ත‍්‍ර ශාස්ත‍්‍රය, ශාන්තිකර්ම මතු පරපුරට උරුම කර දීමටත් ගත් වෙහෙස කොතරම් ද? ඒ උත්සාහයේ ප‍්‍රතිඵල අද අපට අත් විඳිය හැකි යx මේ පොත්වලට ඔවුන් තුළ පිහිටි ගෞරවය ද අති මහත් යx

මෙම ‘පොත් වහන්සේලා’ ලියූ ලේඛකයන් විසින් ඒවා ලියන ලද්දේ හුදෙක් පින් සලකා පරාර්ථචර්යාවෙන් ම යx ඒ බව පොත් අවසානයේ සඳහන්,

‘ලිඛාය පාලිතෝ ධම්මං – නවකෝටි සහස්සකං

කප්පං අක්ඛර ගණනාය – චක්කවත්ති භවිස්සති’

‘මේ පොත ලියූ පිනෙන් අකුරක් අකුරක් ගණනේ සක්විති සැප ලැබේවා’ යන කියමන්වලින් පැහැදිලි වෙයිx පොත ලියන ලද ලේඛකයා ගේ නමද කවියෙන් සඳහන් කෙරෙන අවස්ථාවන් ඇතx

”ලිව්වා අකුරුත් සොඳ        නැත

ලිව්වා පද වැරදිත්             නැත

ලිව්වා පද පණ්ඩිත            වෙත

‘කිරිමලියා’ ලිව්වෙ            පොත”

  පොත ලියා අවසන ලේඛකයා ගේ නම ද, පිටපත් කළ අය ගේ නම ද, බරපැන් ගෙවූ අයගේ නම් ද සඳහන් කරයිx එසේ ම විවිධ ප‍්‍රාර්ථනාවන් ද කරයිx මේ එවැන්නකිx

‘අද්ධා තස්සානුභාවේන - පඤ්ඤවාච භවා භවේ

හුත්වා මෙත්තෙයිය සම්බුද්ධ - කාලේ සන්ති සුඛං ලභේ ’

   මහනුවර යුගය වන විට ගිහි පැවිදි පඬිවරුන් ගෙන් සිදු වූ අනූපම සේවය නම් බුදු දහම පුස්කොළ පොත්වල ලියා තැබීමයි. මෙසේ ලිවීමට ප‍්‍රධානතම හේතුව ඉහත සඳහන් ගාථා වලින් පැහැදිලි වෙයි. වසර දහස් ගණනක් වුව ද මේ පොත් විනාශ නොවී පවතින්නේ මේවා නිපදවීමේ දී අනුගමනය කළ නිවැරදි ක‍්‍රමවේදයන් නිසා බව පිළී ගත යුතු ය.

   පැරැණි සම්භාව්‍ය ලේඛකයන් විසින් ලියන ලද පුස්කොළ පොත් වලින් වැඩි කොටසක් අද දැකිය හැකි වන්නේ පිටරට කෞතුකාගාරවල වීම කණගාටුවට කරුණකි. අපේ ඇතැම් විහාරස්ථානවල පුස්කොළ පොත් තිබුණ ද ඒවා කිසිම සැලැකිල්ලක් නොදක්වා විනාශ වීමට ඉඩ හැර තිබෙනු දක්නට පිළිවන. ‘බුදු හිමියන් ගේ අත් අකුරුය’ යි කියමින්, සංචාරකයන් රවටමින්, පුස්කොළ විකුණන අවස්ථාවන් සංචාරක කලාප වල දී දැක ගත හැකි ය. මේවා දකින ජාතිහිතෛෂීන් ගේ හදවත් කම්පාවට පත් වෙයි. තලකොළයේ අක්ෂර ලියන ශිල්පය දන්නා අය ද ඇත්තේ අතළොස්සකි. තල ගස ද කිසිම ප‍්‍රයෝජනයකට නොගන්නා ගසක් බවට පත් වැ ඇත.


                                                 බටුගොඩ ශ‍්‍රී ජයසුන්දරාරාම විහාරාධිපති,

                                                   ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...