Monday 16 July 2018

මීයැසි විනිස - Ride of the Valkyries - Richard Wagner



       මෙය ශ්‍රේෂ්ඨ ජර්මන් සංගීතඥ රිචඩ් වාග්නර්ගේ සංරචනාවකි. මීට වසර හැටකට පමණ පෙර මෙය පටිගත කොට ඇත්තේ සංගීතඥ විල්හෙල්ම් ෆර්ට්වැන්ග්ලර් විසින් වියෙනා ෆිලාමොනික් ඔකෙස්ට්‍රාව සමගිනි. මෙහි ඇති සිතුවම්, 19 වන සියවසේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ ආතර් රැක්හැමිගේ ය. ඔහු වාග්නර්ගේ ප්‍රකාශනයට ගැලපෙන පරිදි සිය සිතුවම් සංරචනා කොට තිබෙයි. මෙය වාග්නර් විසින් නිර්මාණය කරන ලද Die Walkure (1870) නම් ඔපෙරාවේ වාදිත ප්‍රාරම්භයයි(Prelude). මෙම සංගීත ඛණ්ඩය ‘Birth of a Nation’ (D.W. Griffith), What’s Opera, Doc? (Chuck Jones) ‘Apocalypse Now’(Francis Ford Coppola), ආදී චිත්‍රපට බොහොමයක පසුබිම් සංගීතය සඳහා යොදාගත්තේය. මීට අමතරව මෙය බ්‍රිතාන්‍ය පැරෂුට් රෙජිමේන්තුවේ ආචාර පෙළපාලි සඳහාද භාවිතා වෙයි.
‍මෙම සංගීත සංරචනාව රසවිඳීමට ඔබට ආරාධනා කරමි.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...