Sunday 15 July 2018

මීයැසි විනිස - සරාගී අඩවියේ

පි- සරාගී...අඩවියේ
ගැ - දසදහස් මලින් සුගන්ධ වූ
පි - උන්මාද වේ...හැඟුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ගැ - ආදරේ
පි - ආදරේ
ගැ - දෝංකාරදී සිනාසේ

පි - ගනඳුර, ගනඳුර සිත කැටි ගැසුණු ගනඳුර
නීල වලා සළු විහිදී, කඳු වැටි වල, කඳු වැටි වල, රිදුම් ලැබූ කඳුවැටි වල
ගැ - පින්න තැවරිලා හරිම සීතලයි
සරාගී.....
ගැ - පිබිදුණ පිබිදුණ දෙතොල් පෙති පෙඟී පිබිදුණ....හංසයෝ ඔබෙන් සැඟවී
පි - හදමල් විල, හදමල් විල, පෙමින් හැඬූ හදමල් විල
ගැ - සුවඳ ඔබ නිසා තවම උණුසුමයි
සරාගී.....
ගායනය - අමරසිරි පීරිස්/මාලනී බුලත්සිංහල
රචනය - මහාචාර්ය සමන්ත හේරත්
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපට‍ය - 'කුලගෙය' (1992)
අධ්‍යක්ෂණය - එච්.ඩී. ප්‍රේමරත්න

      ආචාර්ය කේමදාස නිර්මාණය කරන ලද චිත්‍රපට ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූ ගීතයක් ලෙස සැලකිය හැකි මෙය ඉතා ශෘංගාරාත්මක රචනාවක් බව කිව හැකිය. උච්ඡ ස්වරයෙන් ගායනා වන කොටස් ගීතයේ ශෘංගාරය සංගීතාත්මක ව ඉදිරිපත් කිරීමට උපකාරී වී තිබෙන බව පෙනෙයි..එම උච්ඡ ස්වර ගායනා සමග ගිටාරයේ මන්ද්‍ර ස්වර වාදන, ගීතයට අමුතු හැඩයක් එක්කොට ඇත..ගීතය විඳින්න..රචනාවේ ප්‍රබලත්වය සංගීතයෙන් මනා ලෙස උත්කර්ෂය ට නංවා ඇති ගීතයකි..
ගීතය රසවිදින්න පහතින්

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...