ඝටක් නිර්මාණය කළ වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව අටක් වුවද ඔහු දේශීයව මෙන්ම විදේශ රටවලින් පවා සම්මානයට පාත්‍රවූ ප්‍රබල සිනමාකරුවෙකි. ඔහු සිනමාවට පිවිසීමට පෙර වේදිකා නාට්‍යකරුවෙකි. එහිදී වේදිකා නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, රංගනය සහ පරිවර්තනය යන අංශවල ඔහු නියැලිණි. ඝටක් පළමුවරට සිනමාවට පිවිසෙන්නේ නළුවෙකු සහ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස Chinnamul (1950) චිත්‍රපටයෙනි.
ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය Nagarik (1952) වන අතර එය පළමු බෙංගාල කලාත්මක චිත්‍රපටය වන Pather Panchali (1955) පෙර නිෂ්පාදනය වුවද තිරගත වී ඇත්තේ 1977දී පමණ ය. මේ චිත්‍රපට දෙකම ඉන්දියානු කලාත්මක සිනමාවේ කඩයිම් ලක්ෂ ලෙස හැඳින්වෙයි.
ඝටක්ගේ
මුල්කාලීන කෘතිවල නාට්‍යමය සහ සාහිත්‍යමය අංග ඉස්මතුවී වාර්තාමය ලෙස යථාර්තය නිරූපණය
කළේය. එමෙන්ම ශෛලිගත ගැමි නාටක සහ සිනමාවේ බ්‍රෙෂ්ටියානු භාවිතය පිළිබඳවද ඔහු
උනන්දුවක් දැක්වීය.
වාණිජ
වශයෙන් නිකුත් කළ ඝටක් ගේ පළමු චිත්‍රපටය Ajantrik(1958) ය. මෙය විද්‍යා ප්‍රබන්ධ ධාරාවේ
Comedy Drama ෂානරයේ නිර්මාණයකි. මෙය අජීවී වස්තුවක්
චරිතයක් ලෙස රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටයයි. මෙහි චරිතයක් ලෙස මෝටර් රථයක්
තිබිණි.
වාණිජ වශයෙන් අතිසාර්ථක වූ, බෙංගාල සිනමාකරු බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ Madhumati(1958) හි පිටපත් රචකයා ඝටක් ය. මෙය
පුනරුත්පත්තිය තේමා කරගත් මුල්ම චිත්‍රපටවලින් එකකි. ඝටක්ගේ Meghe Dhaka
Tara(1960), Komal Gandhar(1961), Subarnarekha(1962) යන චිත්‍රපට ත්‍රිත්වය ඔහුගේ විශිෂ්ට චිත්‍රපට අතරට ගැනෙයි. මේ කතා
තුනම කල්කටාව පදනම් කරගත් සරණාගතභාවය ප්‍රශ්න කරයි.
Komal Gandhar චිත්‍රපටය
Subarnarekha චිත්‍රපටය
1966
දී ඝටක් පූනේ සිනමා හා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ඉගැන්වීම ආරම්භ කරයි. එහිදී එම
ශිෂ්‍යයන් නිර්මාණය කළ Fear සහ Rendezvous යන චිත්‍රපට
දෙකට සම්බන්ධ වී කටයුතු කරයි.
1973 දී ඔහු වීර කාව්‍යයක් වූ Titash Ekti Nadir Naam චිත්‍රපටය නිර්මාණය කරන්නේ බංගලාදේශ
නිෂ්පාදකයෙකු යටතේ ය.
දුර්වල සෞඛ්‍ය තත්වයත්, අධික
මත්පැන් භාවිතයත්, නිරන්තර රෝගාබාධවලින් පෙළීමත් යන කරුණු ඔහුට චිත්‍රපට
නිර්මාණකරණයට බලපෑවේය. ඝටක්ගේ අවසාන චිත්‍රපටය වූයේ ඔහුගේම ස්වයං චරිතාපදානය වූ Jukti Takko Aar Gappo ය. ඔහු මියයන විට, සම්පූර්ණ නොකරන ලද
කෙටි සහ වෘතාන්ත චිත්‍රපට රාශියක් තිබූ බව කියැවෙයි.
Jukti Takko Aar Gappo චිත්‍රපටය
ඝටක් චිත්‍රපට න්‍යායවේදියෙකු ලෙස ද ප්‍රකට ය. ඔහු විවිධ සිනමාපට වෙනුවෙන් ඉදිරිපත් කළ විචාර සහ අදහස් විවිධ පර්යේෂණ සහ ශාස්ත්‍රාලයීය කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලබයි. සිනමාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ මිනිසා සහ ඔහුගේ එදිනෙදා ජීවිතය නිරූපණය කිරීමයි. එනම් සාමාන්‍ය මිනිසා එදිනෙදා ජීවිතය වෙනුවෙන් කරන අරගලය වෙනුවෙන් පෙනී සිටීමයි. මේ දුක්විදින මිනිසාගේ දුක වෙනුවෙන් ඔහුතුල තිබූ ආවේගය, කෝපය ඔහුගේ නිර්මාණ තුලින් දිස්වේ. මේ කරුණු සළකා බැලීමේදී ඔහු යම් සමාජවාදී හෝ මාක්ස්වාදී නැඹුරුවකින් සිය චිත්‍රපට නිර්මාණකරණය සිදුකළ බව නිරීක්ෂණය කළ හැකිය. රුසියානු සමාජවාදී සිනමාකරුවන් වන සර්ජී අයිසින්ස්ටයින්, ලෙව් කුලෙෂොව් වැන්නන්ගේ සිනමා භාවිතාව සහ සිනමා භාෂාව අඩුවැඩි වශයෙන් ඔහුට බලපා තිබේ. My Lenin වැනි චිත්‍රපටයක් මෙයට සාක්ෂි දරයි. ඉන්දියානු වාණිජවාදී සිනමාවෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්වූ ඝටක් ගේ සිනමාපට වල ජනප්‍රියවාදී ලක්ෂණ වන ගීත, නර්තන, අලංකාරත්වය, සිනමා තාරකා ආදිය නොවීය. ඔහුගේ නිර්මාණ බොහෝවිට රසවිඳිනු ලැබූයේ කලාත්මක සිනමාව ප්‍රිය කළ බුද්ධිමත් රසිකයින් සහ ශිෂ්‍යයන් ය.ඔහුගේ ශිෂ්‍යයන්ද ඒ මග ගත් අතර ඔවුන්ද කලාත්මක සිනමා කෘති නිර්මාණයට පෙළඹූණෝ ය. පූනේ අභ්‍යාස ආයතනයේ ඔහුගෙන් ඉගෙනගත් මනි කවුල්, සයීඩ් අක්තාර්, අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන් වැනි ගෝලයන් විසින් ඔහුගේ සිනමා භාවිතාව, සිද්ධාන්ත, සහ චින්තනය ඉදිරියට ගෙනයෑමට උත්සාහ කළෝය.